මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම
ශ්‍රී ලංකා පුරවැසියකු වන හා වයස අවුරුදු 15 ට එළඹ ඇති හෝ එළඹෙන සෑම තැනැත්තෙක්ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුය.
ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
- මාස 06ක කාලයක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
- ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
- උචිත නියමිත කාලසීමාව තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවෙක් නම්, නියමිත පරිදි සම්පූර්ණ කරන ලද පු/ලි/දෙ/මෙ/02/03/ආකෘතිය පත්‍රය නියමිත දඩ මුදල් ගෙවූ කුවිතාන්සි
















